අපගේ මතවාදය
 

සමගි ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කොටගෙන, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය තුළ දේශපාලනික ආචාර ධර්ම පද්ධතියක් ගුරුකොට ගනිමින්, හරිත දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීම අරමුණු කරගත්, නව දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වූ දේශපාලන පක්ෂයකි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලය

පක්ෂ නායක

පක්ෂ නායක

සජිත් ප්‍රේමදාස

සරත් ෆොන්සේකා

සභාපති

සරත් ෆොන්සේකා

රන්ජිත් මද්දුම බණ්ඩාර

මහ ලේකම්

රංජිත් මද්දුම බණ්ඩාර

තිස්ස අත්තනායක

ජාතික සංවිධායක

තිස්ස අත්තනායක

harshadesilva

භාණ්ඩාගාරික

හර්ෂ ද සිල්වා

දැනුවත් වන්න

අපගේ නවතම පුවත්

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මීට වසර ගණනාවක් පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ ඇති වූ දැවැන්ත ගෝත්‍රික සටනක් නිසා මිලියනයකට ආසන්න ජීවිත නැති වුණත් අද රුවන්ඩාව අප්‍රිකාවේ නව සිංගප්පූරුව ලෙස හඳුන්වන බවත් එය මෙරට යුද්ධයෙන් නැති වූ ජීවිතවලට වඩා අති විශාල බවත් ඔවුන් සංවර්ධනයෙන් ඉහළටම දිනෙන් දින ගියත් අපේ රට යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වුණත් තවමන් ජාතිවාදය ආගම්වාදය ආදිය මූලික කර ගෙන රට විනාශ කිරීමේ වැඩපිළිවෙළක් කරා රාජපක්ෂ පවුල ගෙන ගිය බවත් එසේ බංකොලොත් කළ රාජපක්ෂ පවුලේ නාමල් කුමාරයා රට හදන කමිටුවක නායකයෙක් ලෙස පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉතිහාසය පුරා පෞඩත්වයෙන් ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වුණ අපේ රටේ මිනිස්සු සහ රට, පොහොට්ටු ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල විසින් බංකොලොත් කළ බවට දේශපාලන ඉතිහාසය තුළ ලියවෙන බවත් මේ වන විටත් රාජපක්ෂවරු ජනපති රනිල් වික්‍රමසිංහ රූකඩයක් ලෙස භාවිත කරමින් තමන්ට හිතවත් පුද්ගලයන්ට ඇමතිධුර ලබා දෙන බවත් පැවසීය. ඔවුන් ගොවියන්, ධීවරයන්, පාසල් සිසුන්, ගර්භනී මව්වරුන් පවා අපහසුතාවට පත් කළ බවත් ඉදිරි කන්නයට ලබා දිය යුතු පොහොර ලබා දෙන්න හැකියාවක් පවා නොමැති බවත් මේ වන විට කන්න 3ක් පිට පිට පාඩු ලබන බවත් 69 ලක්ෂයක් පත් කර ගත් පොහොට්ටු ආණ්ඩුව හිතා මතාම ගොවියන් විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඇමෙරිකානු සෙනට් මණ්ඩලය මේ ගැන වාර්තාවක් පවා සකස් කර ඇති බවත් ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලය පවා අපේ රටේ ආර්ථික අයිතිවාසිකම විනාශ කිරීම ගැන පවා සාකච්ඡා කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන සමාජයේ කුඩාම ඒකකයේ සිටින පුද්ගලයාගේ සිට වෘත්තීය වේදීන් රාජ්‍ය සේවකයන් ඇතුළු සෑම දෙනාගේ ම ආර්ථීකය විනාශ කළ බවත් ඒ නිසා ඔවුන්ට ප්‍රමාණවත් ආහාර, අධ්‍යාපන අයිතිය පවා උල්ලංඝනය වී ඇති බවත් පැවසීය. වායු සමීකරණය කළ කාමරවල සිට පොහොර ගැටලුව විසදීමට උත්සාහ කරන බවත් මොහොතකටවත් ගොවියා ධීවරයා ළගට එන්නේ නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු උත්සාහ කරන්නේ තමන්ගේ වරප්‍රසාද වරදාන තර කර ගනිමින් පොහොට්ටුවට තව තවත් ඇමතිකම් ලබා දෙමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට බව යි. මේ වන විට මොල හතේ කපුටා රාජ්‍ය ඇමතිවරු 38කගේ නම් ලබා දීමෙන් පසු නැවතත් රාජපක්ෂ පවුලට හිතවත් වහලුන් 12 දෙනකුගේ නම් ඇමතිධුර සදහා යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ නැවතත් බලය ලබා ගැනීමට උත්සාහ කළත් ජනතාව සිටින්නේ මේ වන විට සමගි ජන බලවේගය සමග බව විපක්ෂ නායකවරයා පැවසීය. මැතිඇමතිවරුන්ගේ දුවා දරුවන් ඉගෙන ගනු ලබන සියලු පාසල්වල ස්මාර්ට් බෝඩ් සහ ඉංග්‍රීසි භාෂාව මූලික අධ්‍යාපනයක් පැවතියත් රටේ සෙසු දිස්ත්‍රික්කවල ඇති පාසල්වල එවැනි පහසුකම් ඇත්තේ අවම වශයෙන් බවත් එය අනාගතයේ රැකියා වෙළෙඳපොළට පවා විශාල ලෙස බලපා ඇති බවත් ඔවුන් මෙවැනි පරතරයක් රට තුළ ඇති කර තිබුණත් මැතිවරණ සමයේ සිංහලකම, බෞද්ධකම වැනි වචන භාවිත කර ජනතාව රවටමින් සිටින බවත් සිංහල බෞද්ධකම සැබැවින්ම තිබෙන්නේ තමන්ගේ වැඩපිළිවෙළ සහ හැකියාව තුළ බවත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කළ ඔස්සේ ලොව ජයගත හැකි දරු පරපුරක් බවත් ඔවුන්ට සමානව නිවැරදි අධ්‍යාපනය ලබා දුන්නොත් වත්මන් තත්ත්වයෙන් රට ගොඩගෙන ලෝකය පවා ජයගත හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩිදුර කියවන්න

අද රටේ මන්දපෝෂණ තත්වයක් මෙන්ම විශාල ආර්ථික අර්බුදයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් විශාල ප්‍රතිසංස්කරණයක් කල යුතු බවත් ඊයේ (13) “ආර්ථිකයේ නිවැරදි දිශාව” යන මැයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසිය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා. අද රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා ඒ වෙනුවෙන් විශාල ප්‍රතිසංස්කරණයක් කරන්ඩ ඕන ආදායම පැත්තෙන් සහ වියදම් පැත්තෙන් ඒ වගේම මම මතක් කරන්න කැමතියි අපි මේ අරබුදයට වැටිලා තියෙන්නේ පසුගිය රජය ගත්ත වැරදී තීරණ නිසා ඒකට කවුරුහරි වගකියන්න ඕන බෙහෙත් නැත්නම් කිරිපිටි නැත්තම් ආහාර හිඟයක් තියෙනවා නම් රටේ මන්දපෝෂණය තියෙනවා නම් හරියට එක ආහාර වේලයි නම් ගෙදර කන්න ලැබෙන්නේ කවුද ඒකට වගකියන්න ඕන. මෙච්චර කාලයක් කිසි කෙනෙකු වග නොකියා තීරණ ගන්නවා ඒකේ ප්‍රතිඵලය තමයි මහජනතාවට අද විඳින්න වෙන්නේ. ඒ නිසා තමයි පලවෙනි වතාවට ලංකාවේ අධිකරණ තීරණයක් දෙනවා ආර්ථික අපරාධ වෙලා තියෙනවා ඒ අපරාධ කවුද ඒ ට වගකියන්න ඕන කියලා. මේ නඩුව අධිකරණය කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා මේ නඩුව අහන්න ඕන නැහැ කියලා මොකද ප්‍රතිපත්ති ගැන තීරණ ගත්තම කවුරුත් වගකියන්න ඕන නෑ කියන එකයි වක්‍රව කියන්නේ මිනිස්සු මැරුණා කවුරුත් වග කියන්න ඕනෑ කියලා කියන්නේ නමුත් නැහැ කිව්වා අපි මේ නඩුව අහන්න ඕන ආර්ථික අපරාධ වල කවුද වගකියන්න ඕන කියලා පලවෙනි වතාවට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසමෙන් ලංකාවේ ආර්ථික අපරාධ වෙලා තියෙනවා කියලා සඳහන් කරල තියෙන්නේ එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමක් ගැහුවා නිලධාරි මට්ටමේ ගිවිසුමක් ඒකෙත් පලවෙනි වතාවට දාලා තියෙනවා දූෂණයට පිළිබඳව එයට එරෙහිව රජය ක්‍රියා කළ යුතුයි කියලා. එහිදී මේ දූෂණය ආර්ථික අපරාධය මතුවෙලා තියෙනවා ඒ නිසා ලංකාවේ අධිකරණයේ නුත් ඔව් මේ නඩුව අහන්න ඕන කියලා තියෙනවා මේ නඩුවේ තියෙන මූලික කාරණාවලින් එකක් තමයි රුපියල අවම කිරීම පිළිබඳව. කවුද එයඅවම කළේ ඒවට සාධනීය කරුණු තිබුනද හොයල බැලුවද ,ඊට පස්සේ දිගින් දිගටම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවුරුදු දෙක හමාරකට කලින් යන්න කියලා නමුත් ගියේ නැහැ ප්‍රමාද කර කර හිටියා මේ නඩුවේ අහනව මේකෙ ප්‍රමාද කරලා තියෙනවා එහි විස්තර අධිකරණයට ඉදිරිපත් කරන්න අධිකරණයේ එය දැනගන්න ඕන කියලා. ඊට පස්සේ දාලා තියෙනවා කාලයක් සල්ලි නැහැ කියලා කිව්වා විදේශ විනිමය පහළට බැහැලා කියලා කිව්වා ඒ නිසා බෙහෙත් ගෙනාවෙත් නෑ ආහාර ගෙනාවෙත් නැහැ ගෑස් එක ගෙනාවේ නැහැ ඩීසල් ගෙනාවෙත් නැහැ නමුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙව්වා මේ නඩුවේ කියලා තියෙනවා ජනවාරි මාසයේ 18 වෙනිදා බැඳුම්කර වලට ගෙවූවා. සල්ලි නෑ කියලා අනිත් අත්‍යවශ්‍ය දේවල් වලට ජනතාවට අත්‍යවශ්‍ය දේවල් වලට ගෙවා ගන්න බෑ කියද්දි ිබුණු පොඩි විදේශ විනිමය පාවිච්චි කරලා ඩොලර් මිලියන පන්සියයක් ගෙවලා තියෙනවා ඒක ගැනත් අධිකරණය කියලා තියෙනවා තොරතුරු අවශ්‍යයි කියලා සැකයක් තියෙනවා කාටද දන්නෙ නැහැ මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරණ අයිති ඒකනේ ගෙවන්න ඇත්තේ මහ බැංකුවෙන් ඔක්කොම වාර්තාවක් ගැන අහලා තියෙනවා. මූලිකව නම් කරලා තියෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නිලධාරීන් ඔක්කොම නම් කරලා තියෙනවා. ඒක අධිකරණය තියෙන නිසා මේ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. අද ආදායම් පැත්තෙන් කතා කරා වියදම සහ නාස්තිය පැත්තෙනුත් දෙයක් කියන්න කැමතියි. රජයේ ව්‍යවසාය ආයතන 430ක් පමණ තියෙනවා එයින් 218 ක් විතර කොම්පැනි ඒවා කොම්පැනි පනත යටතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම සංස්ථා 39ක් තියෙනවා නීති මණ්ඩල 48ක් පමණ තියෙනවා ඔක්කොම 430ක් පමණ වෙනවා මේ 430න් 52ක් විතර තමයි ක්‍රමෝපාය ශීලී ආයතන වශයෙන් සලකන්නේ.ඒ කියන්නේ ලාභා අලාභ සොයා බැලුවම මේක බලපානවා මුළු ආර්ථිකයටම දැන් ලඟදිම ආපු ගණන් හිලව් බැලුවම මේවා 2021 අලාභය රුපියල් බිලියන 286ක් වෙනවා 2022දෙවැනි කාර්තුව වනවිට අලාභය රුපියල් බිලියන 968 යි රු දැන් ඒකෙ සාමාන්‍ය අලාභය තිබුණා නාස්තිය හොරකම වංචාව ඔක්කොම ඕක ඇතුළේ තියෙනවා නමුත් මේක මෙහෙම අධික වෙන්න හේතුවක් තමයි රුපියල අවම කිරිම නමුත් ඒක නිදහසට කරුණක් නෙමෙයි පුද්ගලික අංශයේ වැඩ කරන අය දන්නවා මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් අපනයනයක් කරනවා නම් ද්‍රව්‍ය සහ අපනයනය කරනවා නම් රුපියල් අගය ගැන හිතලා බලලා යම්කිසි ක්‍රියාමාර්ග ගන්නවා කොම්පැනියක් කරන්නේ ලාභ ලබන්නයි. දැන් මේකට කවුද වගකියන්නේ .අපිට තාම තුන්වැනි කාර්තුව ඇවිල්ල නැහැ ඒකත් එනවා සැප්තැම්බර් මං දන්නෑ කොතැනට ගිහිල්ලා තියෙනවද කියලා. කවුද මේවා වලට ඇත්තටම වගකියන්න ඕන. මේවා අතරේ විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි ආයතන පනස් දෙකක් තියෙනවා. දැන් අපි සමගි ජන බලවේගය අපි තුන් දෙනා වැඩ කරන්නේ ප්‍රශ්න හඳුනා ගැනීමත් විසදුමක් දීම ගැන. අපි ඒ වැඩපිළිවෙළ හදලා තියෙන්නේ මහ මැතිවරණයක් හරහා බලයක් ගත්ත ගමන්ම වැඩපිළිවෙළක් තියෙනවා ඒකෙ ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා එහිදී රාජ්‍ය විවසාය වල අලාභ ලබන ඒවා තියෙනවා ලාභ ලබන ඒවත් ස්වල්පයක් තියෙනවා අපිට ඒවා කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් එය රටකට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා එකක් ආරක්ෂාව අත්‍යවශ්‍යයි ඒ ගැන හිතන්න පුළුවන් ආහාර ආරක්ෂාව අත්‍යවශ්‍යයි එයට යම් කිසි ක්‍රියාදාම තියෙනවා රජයේ මැදිහත් වීමක් තියෙන්නම ඕන. ඒ වගේම තව අපි දන්නවා ඒ ආරක්ෂාවට අමතරව බලශක්තිය ආරක්ෂාවක් තියෙන්න ඕන දැන් පේනවා නේද නිෂ්පාදනයට වෙලා තියන වැඩේ. විදුලිය කපනවා ලොකු පරිමාණය ව්‍යාපාරිකයාට මොකක් හරි කරගන්නවා ඇති පොඩි පරිමාණය කරන් කෙනා කපෝතියි ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් එන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට ඒ අය හරහා එන්නේ අපි හැමදාම කතා කරන්නේ ලොකු ව්‍යාපාරිකයා හරහා මොකද දළ දේශීය නිෂ්පාදනය වැඩි හරියක් එන්නෙ මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඒ අයට විදුලිය කැපීම මහා ප්‍රශ්නයක් වෙනවා ඒ වගේම සෞඛ්‍යයටත් යම්කිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන ඖෂධ හිඟ කම් නැති වෙන්න ඕන රජය ව්‍යවසායට ආපුවම ඒ සුරක්ෂිත භාවය පිළිබඳව බලලා රජය මැදිහත් විය යුතු ආයෝජනය කර යුතු කළ යුතු දේවල් තියෙනවා. සමහර ඒව තියෙනවා අලාභ ලබන දේවල් .ඒවා තියලා වැඩක් නැහැ ඒවත් තිව්වම සාමාන්‍ය පුරවැසියාට තමයි එහි අලාභය විශාල අලාභයක් සාමාන්‍ය පුරවැසියාට ප්‍රයෝජනයකි ලබන්නේ නැහැ නමුත් බදු ගෙවා ගෙන යනවා. ඊට පස්සේ සමහර ඒව තියෙනවා පුද්ගලික අංශයයි රාජ්‍ය අංශය එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට දෙන්න පුළුවන් ඒ කියන්නේ වරදක් නෙමෙයි අපේ මේ ලංකාවේ අපේ පුරවැසියන් ඒ අයට ව්‍යවසායක ශක්තිය තියෙනවා නිර්මාණශීලී බව තියෙනවා අපි ඒක ඒ අයට දෙන එක හොඳයි රාජ්‍ය සේවය අපි වගේ දේශපාලනඥයින් යටතේ තියාගෙන කරන නැටිල්ලට වැඩිය ඒක හොඳයි. ඒක ඒ ගොල්ලන් නිෂ්පාදනය කරයි විකුණයි , ලාභයක් ලබයි රැකියා හදයි නාස්තියක් ,හොරකම නැහැ ඇයි හොරකම රාජ්‍ය සේවයෙන් දේශපාලඥයන්ට සම්බන්ධ වුණාම ප්‍රශ්න ඇතිවෙන්නේ .ඒකත් නැති වෙනවා ඒ නිසා තමයි කියන්නේ අපිට වැඩපිළිවෙළක් තියෙනවා දේශපාලනය තනතුරුවලට පත් කරනකොට දේශපාලන පත්වීම් කියනවා අපේ වැඩපිළිවෙළ තුළ අපි එක නැති කරනවා .නැති කරලා අපි හදනවා ආයතනයක් ස්වාධීන රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ආයෝජනය වෙන්නේ ඒ ආයතනය හරහා ඒක ස්වාධීනයි ස්වාධීන මිනිස්සු ඉන්නෙ මේව අලුත් දේවල් නෙමෙයි අනිත් රටවල් කරල තියෙනවා අලුත් දේවල් නෙමෙයි නමුත් අපේ රටේ කරල නැහැ මොකද දේශපාලඥයා බලය අල්ලගෙන ඉන්නවා ඒ අය කරන්නේ බලයට ආපු රැකියා ලක්ෂයක් දෙනවා උපාධිධාරී 50000 බඳවා ගන්නවා කියලා දිගින් දිගටම මේ අවුරුදු විස්සක් තුළ කියලා රාජ්‍ය සේවයක් නැති කරල තියෙන්නේ අපි අන්තිමට දාන්නේ නෑදෑයෝ හිතමිතුරු අපිට විතරක් ඡන්දය දුන්න අය මොකද මේ දේශපාලනීකරණය කියලා කියන්නේ.සමගි ජන බලවේගය යන්නේ අලුත් ගමනක් අලුත් රටක් හදන වැඩපිළිවෙලකට යන්නේ ඒ නිසා ස්වාධීන ආයතන අපි පිහිටුවනවා එහිදී ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට කවුද පත් කළ යුත්තේ කියන එක කරන්නේ ඇමතිතුමා නෙමෙයි ස්වාධීනව ඒගොල්ලෝ හොයල බලනවා කවුද සුදුසු කියලා .ඒ පිලිබදව දැනුම සදාචාරය තියෙන කෙනා ඒ අය තමයි පත් කරන්නේ මේක ලොකු වෙනසක් වැදගත් වෙනසක් ඒ වගේම ඉහළ නිලධාරීන් ස්වාධීන අය පත් කරලා ඒ අය අලාභ වලට ගියොත් ඒවට උත්තර දෙන්න ඕන ඒ අයමයි. ඒකෙ දෙකක් නැහැ නැත්තම් මේ රට හදන්න බැහැ අපි වරද තේරුම් ගන්නවා විතරක් නෙමෙයි අපිට වැඩපිළිවෙළක් තියෙනවා.

වැඩිදුර කියවන්න

සෞක්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි. සුවසැරිය වෙනුවෙන්  මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවයි. වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් ද   පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බවද සේමසිංහ මහතා කීය.

වැඩිදුර කියවන්න
තවත් පුවත්
STB

සමගි තරුණ බලවේගය 

තරුණ කටයුතු සංවර්ධනය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මුලපිරීම.

සමාජ මාධ්‍ය පිටුව
SVB

සමගි වනිතා බලවේගය 

වනිතා කටයුතු වැඩිදියුණු කිරීම සඳහා සමගි ජන බලවේගයේ මුලපිරීම.

සමාජ මාධ්‍ය පිටුව

සමගි ජන බලවේගයේ සමාජ වැඩසටහන්

ඡායාරූප ගැලරිය

වීඩියෝ ගැලරිය