තවත් පුවත්

2022-12-05

කරුණාකරල සුවසරියට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න – හර්ෂ අයවැයෙන් ඉල්ලයි

News Preview Image

සෞක්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි.

සුවසැරිය වෙනුවෙන්  මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවයි.

වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් ද   පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බවද සේමසිංහ මහතා කීය.

Read More

2022-12-05

වරප්‍රසාද වලට ජනතාව පාවා දෙන්නේ නෑ. රාජපක්ෂලා එක්ක මොන ගමනක්ද?

News Preview Image

කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මීට වසර ගණනාවක් පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ ඇති වූ දැවැන්ත ගෝත්‍රික සටනක් නිසා මිලියනයකට ආසන්න ජීවිත නැති වුණත් අද රුවන්ඩාව අප්‍රිකාවේ නව සිංගප්පූරුව ලෙස හඳුන්වන බවත් එය මෙරට යුද්ධයෙන් නැති වූ ජීවිතවලට වඩා අති විශාල බවත් ඔවුන් සංවර්ධනයෙන් ඉහළටම දිනෙන් දින ගියත් අපේ රට යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වුණත් තවමන් ජාතිවාදය ආගම්වාදය ආදිය මූලික කර ගෙන රට විනාශ කිරීමේ වැඩපිළිවෙළක් කරා රාජපක්ෂ පවුල ගෙන ගිය බවත් එසේ බංකොලොත් කළ රාජපක්ෂ පවුලේ නාමල් කුමාරයා රට හදන කමිටුවක නායකයෙක් ලෙස පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉතිහාසය පුරා පෞඩත්වයෙන් ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වුණ අපේ රටේ මිනිස්සු සහ රට, පොහොට්ටු ආණ්ඩුව සහ රාජපක්ෂ පවුල විසින් බංකොලොත් කළ බවට දේශපාලන ඉතිහාසය තුළ ලියවෙන බවත් මේ වන විටත් රාජපක්ෂවරු ජනපති රනිල් වික්‍රමසිංහ රූකඩයක් ලෙස භාවිත කරමින් තමන්ට හිතවත් පුද්ගලයන්ට ඇමතිධුර ලබා දෙන බවත් පැවසීය.

ඔවුන් ගොවියන්, ධීවරයන්, පාසල් සිසුන්, ගර්භනී මව්වරුන් පවා අපහසුතාවට පත් කළ බවත් ඉදිරි කන්නයට ලබා දිය යුතු පොහොර ලබා දෙන්න හැකියාවක් පවා නොමැති බවත් මේ වන විට කන්න 3ක් පිට පිට පාඩු ලබන බවත් 69 ලක්ෂයක් පත් කර ගත් පොහොට්ටු ආණ්ඩුව හිතා මතාම ගොවියන් විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය මේ ගැන වාර්තාවක් පවා සකස් කර ඇති බවත් ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලය පවා අපේ රටේ ආර්ථික අයිතිවාසිකම විනාශ කිරීම ගැන පවා සාකච්ඡා කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන සමාජයේ කුඩාම ඒකකයේ සිටින පුද්ගලයාගේ සිට වෘත්තීය වේදීන් රාජ්‍ය සේවකයන් ඇතුළු සෑම දෙනාගේ ම ආර්ථීකය විනාශ කළ බවත් ඒ නිසා ඔවුන්ට ප්‍රමාණවත් ආහාර, අධ්‍යාපන අයිතිය පවා උල්ලංඝනය වී ඇති බවත් පැවසීය.

වායු සමීකරණය කළ කාමරවල සිට පොහොර ගැටලුව විසදීමට උත්සාහ කරන බවත් මොහොතකටවත් ගොවියා ධීවරයා ළගට එන්නේ නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු උත්සාහ කරන්නේ තමන්ගේ වරප්‍රසාද වරදාන තර කර ගනිමින් පොහොට්ටුවට තව තවත් ඇමතිකම් ලබා දෙමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට බව යි.

මේ වන විට මොල හතේ කපුටා රාජ්‍ය ඇමතිවරු 38කගේ නම් ලබා දීමෙන් පසු නැවතත් රාජපක්ෂ පවුලට හිතවත් වහලුන් 12 දෙනකුගේ නම් ඇමතිධුර සදහා යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ නැවතත් බලය ලබා ගැනීමට උත්සාහ කළත් ජනතාව සිටින්නේ මේ වන විට සමගි ජන බලවේගය සමග බව විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිඇමතිවරුන්ගේ දුවා දරුවන් ඉගෙන ගනු ලබන සියලු පාසල්වල ස්මාර්ට් බෝඩ් සහ ඉංග්‍රීසි භාෂාව මූලික අධ්‍යාපනයක් පැවතියත් රටේ සෙසු දිස්ත්‍රික්කවල ඇති පාසල්වල එවැනි පහසුකම් ඇත්තේ අවම වශයෙන් බවත් එය අනාගතයේ රැකියා වෙළෙඳපොළට පවා විශාල ලෙස බලපා ඇති බවත් ඔවුන් මෙවැනි පරතරයක් රට තුළ ඇති කර තිබුණත් මැතිවරණ සමයේ සිංහලකම, බෞද්ධකම වැනි වචන භාවිත කර ජනතාව රවටමින් සිටින බවත් සිංහල බෞද්ධකම සැබැවින්ම තිබෙන්නේ තමන්ගේ වැඩපිළිවෙළ සහ හැකියාව තුළ බවත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කළ ඔස්සේ ලොව ජයගත හැකි දරු පරපුරක් බවත් ඔවුන්ට සමානව නිවැරදි අධ්‍යාපනය ලබා දුන්නොත් වත්මන් තත්ත්වයෙන් රට ගොඩගෙන ලෝකය පවා ජයගත හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

Read More